2023 ජූලි 04, ප.ව. 2:44
ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර ප්‍රසිද්ධ නොකළ ව්‍යාපෘතියක දර්ශන තලයක සිදුකල රූගත කිරීමක් අතරතුරදී සිදු වූ අනතුරක් හේතුවෙන් සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ට සුළු ශල්‍ය කර්මයක් සිදු කර තිබෙනවා.
අනතුරට ලක්වීමෙන් පසු ශාරුක් ඛාන්ගේ නාසයෙන් ලේ ගැලීමක් සිදු වූ බවත් එම අවස්ථාවේදී කාර්ය මණ්ඩලය වහාම ක්‍රියාත්මක වී ඔහුව ලොස් ඇන්ජලීස් නුවර රෝහලකට රැගෙන ගිය බවයි ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත්තේ.
රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ශාරුක් ඛාන්ගේ නාසයට සුළු ශල්‍ය කර්මයක් සිදු කළ බව ආරංචි මාර්ග පවසා තිබෙනවා.
කෙසේ වෙතත් අනතුර සිදු වූ අයුරු හෝ ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කර නොමැත.
ශල්‍ය කර්මයෙන් පසුව ශාරුක් ඛාන් විවේක ගැනීම සඳහා නැවතත් ඉන්දියාවට පැමිණ ඇත.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24