hit counter

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 28, ප.ව. 3:14



හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ අම්බලන්තොට ප්‍රදේශයේ වැලි කැනීම් නිසා පරිසරයට සිදුව ඇති හානිය නිරීක්ෂණය කිරීමට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා එහි ගොස් තිබෙනවා.

එහිදී නිසි අයුරින් බලපත්‍ර නොගෙන හා බලපත්‍ර කොන්දේසි බරපතල ලෙස උල්ලංඝණය කරමින් සිදු කරන ලද වැලි කැනීම් හේතුවෙන් සිදුව ඇති පරිසර විනාශය රාජපක්ෂ මහතා නිරීක්ෂණය කළා.

නිසි අයුරින් බලපත්‍ර නොගෙන හා බලපත්‍ර කොන්දේසි බරපතල ලෙස උල්ලංඝණය කරමින් සිදු කරන ලද වැලි කැනීම් හේතුවෙන් සිදුව ඇති පරිසර විනාශය පිලිබඳව නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස මන්ත්‍රීවරයා මෙහිදී නිළධාරින්ට නියෝග කළා.

එසේම මින් ඉදිරියට වැලි අවශ්‍යතාවයට ඉල්ලීමක් ලැබුණු පසුව එය හදුනාගෙන ප්‍රාදේශීය ලේකම්,භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ ඉංජිනේරු,වාරි මාර්ග ඉංජිනේරු,පරිසර අධිකාරිය ඇතුළු ආයතන කිහිපයකින් සැදුම්ලත් කමිටුවක් මගින් නිරීක්ෂණය කර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව වෙත යෝජනාවක් ඉදිරිපත් කර සම්මත කර ගැනීමෙන් පසුව බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන ලෙස මෙහි පැමිණි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාද ඉල්ලා සිටියා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: