hit counter

2024 දෙසැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 06, ප.ව. 9:40



නිජර් රාජ්‍යයේ අගනුවර නියාමේ හි ජෙනරාල් සෙයිනි කුන්ට්චේ ක්‍රීඩාංගණයේදී එරට හමුදා ආණ්ඩුවට සහය පළ කිරීම උදෙසා දැවැන්ත මහජන රැළියක් අද පැවැත්වුණා.

එහිදී ජනතාව ඇමතූ හමුදා පාලනයෙහි තුන්වැනියා ලෙස සැලකෙන ජෙනරල් ටුම්බා, තම පාලනය විදෙස් බලවේග හමුවේ යටත් නොවන්නේ යයි ශපථ කළා.

නිජර් හි හිටපු ජනාධිපති මොහොමඩ් බසූම් යළි ධුරයෙහි පිහිටුවීම සඳහා හමුදා පාලනය වෙත බටහිර අප්‍රිකානු ආර්ථික ප්‍රජාව විසින් ලබාදී ඇති කාලය අදින් නිම වනවා.

බසූම් ජනාධිපතිවරයා යළි තනතුරෙහි හිඳුවීම සඳහා අවශ්‍ය නම් හමුදාමය මැදිහත්වීමක් වුවද කිරීමට සූදානම් බවයි එම සංවිධානය පවසා සිටින්නේ.

මේ අතර නිජර් හමුදා පාලනයට එරෙහිව කෙරෙන හමුදාමය මැදිහත්වීමක් තමන්ට එරෙහිව කරන යුද්ධ ප්‍රකාශයක් ලෙස සලකන බවට මාලි හා බුර්කිනා ෆාසෝ රජයන් මීට පෙර පැවසූවා. මේ අතර නිජර් හමුදා පාලනය රුසියාවේ වැග්නර් සමාගමෙන් ද උපකාර ඉල්ලා ඇතැයි වාර්තා වුණා.