2023 අගෝස්‍තු 08, පෙ.ව. 11:32
සෞදි රාජ්‍ය තෙල් සමාගම වන සෞදි ඇරැම්කෝ සමාගම ආසියාව සහ යුරෝපය සඳහා සැප්තැම්බර් මාසයට අදාලව බොරතෙල් මිල ඉහළ දමා තිබෙනවා.
මේ අනුව ආසියාව සඳහා Arab Light බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් සත තිහකින් ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ආසියානු රටවලට එම බැරලයක් සැපයෙන මිල ඩොලර් 3.50 ක් වනු ඇති.
ඇරැම්කෝ සමගාම සිය බොර තෙල් නිෂ්පාදිතයෙන් සියයට 60 ක් පමණ ආසියානු රටවලට සපයන අතර ඔවුන්ගේ ප්‍රධාන ගැනුම්කරුවන් වන්නේ චීනය, ජපානය, දකුණු කොරියාව සහ ඉන්දියාවයි. මෙම රටවල් සමග දිගු කාලීන ගිවිසුම් අනුව තෙල් සැපයෙන අතර එහි මිල මාසයෙන් මාසයට වෙනස් කෙරෙනවා.
මේ අතර ඇරැම්කෝ සමාගම මධ්‍යධරණී රටවලට තෙල් බැරලයක් ලබාදෙන මිල ඩොලරයකින් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් මාසයේදී නව මිල බැරලයට ඩොලර් 4.50 ක් වනු ඇති. වයඹදිග යුරෝපයට බොර තෙල් බැරලයක් ලබාදෙන මිල ඩොලර් 5.80 දක්වා ඉහළ දමා තිබෙන අතර එය ඩොලර් දෙකක වැඩිවීමක්.
කෙසේ වෙතත් ඇරැම්කෝ සමාගම විසින් ඇමරිකාව සඳහා තෙල් සැපයෙන මිලෙහි වෙනසක් සිදුකර නැහැ.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 9:07
2025 අගෝස්‍තු 02, පෙ.ව. 8:59
2025 ජූලි 31, ප.ව. 11:15
2025 ජූලි 30, පෙ.ව. 9:13
2025 ජූලි 28, ප.ව. 11:38