2023 අගෝස්‍තු 09, ප.ව. 3:19
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ නම “කේරළම්” ලෙස වෙනස් කිරීමේ යෝජනාවක් ප්‍රාන්ත සභාවේදී ඒකමතිකව සම්මත වී තිබෙනවා.
මහ ඇමති පිනරායි විජයන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට ප්‍රාන්තයේ ප්‍රධාන විපක්ෂය වන කොන්ග්‍රස් පක්ෂයේ ද අනුමැතිය ලැබී තිබෙනවා.
සිය යෝජනාව ඉදිරිපත් කරමින් මහ ඇමතිවරයා සඳහන් කළේ මලයාලම් බසින් කේරළයට කේරළම් යයි හැඳින්වූව ද ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විශේෂිතව නම් කර ඇති භාෂා 22 න් අන් සියළු භාෂාවලින් එය “කේරළ” ලෙස හැඳින්වෙන බවයි. එහෙයින් ප්‍රාන්තයේ නම එම භාෂාවලින් ද කේරළම් ලෙස හැඳින්වෙන ලෙස අවශ්‍ය කටයුතු මධ්‍යම ආණ්ඩුව විසින් කළ යුතු යයි එම යෝජනාවේ දැක්වෙනවා
2025 ඔක්තෝබර් 25, ප.ව. 4:24
2025 ඔක්තෝබර් 23, පෙ.ව. 10:22
2025 ඔක්තෝබර් 14, ප.ව. 12:30
2025 ඔක්තෝබර් 13, ප.ව. 2:26
2025 ඔක්තෝබර් 12, ප.ව. 2:40