hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2023 අගෝස්‍තු 14, ප.ව. 1:16


උතුරුමැද අධ්‍යාපන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් ගම්මිරිස්ගස්වැව මනාර්ලුලුම් විද්‍යාලයේ සිසුන් සහ දෙමාපියන් උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට අද (14) සාමකාමි විරෝධතාවක නිරතවුණා.

ඒ, ගුරු හිඟයට කඩිනම් විසඳුම් ලබාදෙන ඉල්ලමින්.

සිසු සිසුවියන් 582 කු අධ්‍යයන කටයුතුවල නිරතවන විදුහලේ ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන් සඳහා ගුරුවරුන් නොමැති බවයි ඔවුන් පවසන්නේ.

ඒ පිළිබඳ උතුරුමැද පළාත් ආණ්ඩුකාර කාර්යාලයටද දැනුම්දී තිබුණද මාස 3 ක කාලයක් තිස්සේ ඒ සඳහා විසඳුම් නොලැබීම හේතුවෙනුයි මෙම සාමකාමී විරෝධතාව සිදුකර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: