2023 අගෝස්තු 15, පෙ.ව. 12:07
සිය මිතුරාගේ බිරියගෙන් තොත්තුවක් ඉල්ලා සිටීමෙන් පසු ඇය ඔහුට අමුතුම ආකාරයේ තොත්තු වර්ෂාවකින් සංග්‍රහ කිරීම නිසා රෝහල් ගතවීමට සිදුවූ අනංගයකු පිළිබද පුවතක් මිනිපේ ගොවි ජනපදයේ ගම්මානයකින් වාර්තා විය.
අසල ගමන පදිංචි ඔහු තිස් එක් හැවිරිදි වියේ පසු වන්නෙකි. මෙදින කිසියම් අවශ්‍යතාවකට ඔහු මිතුරාගේ නිවෙසට ගියත් මිතුරා හෝ ඔවුන්ගේ දරුවන් දෙදෙනා නිවෙසේ නොසිටියේ මිතුරා රැකියාවටත් දරුවන් පාසලට ගොස් සිටි නිසාය.
ඒ වන විට මිතුරාගේ රූමත් බිරිය පමණක් නිවසේ සිටියාය. නිවෙසට ගොඩ වූ ඔහු මිතුරා පිළිබදව විමසා ඔහු නොමැති බව පැවසූයෙන් ඇය සමග විනාඩි කීපයක් අල්ලාප සල්ලාපයේ යෙදී සිට “එහෙනම් නංගියෝ මම යන්නම් කෝ ඔයාගේ මුහුණ මගේ පැත්තට හරවන්නකෝ තොත්තුවක් දීලම යන්න” යැයි පවසා ඔහු ඇය වෙතට ළංව ඇත.
ඒ සමගම ඇය “අයියේ චුට්ටක් ඉන්න. මමම පිටුපස දොර වහලා එන්නම්” යැයි පවසා නිවසට තුළ ගියාය. විනාඩියෙන් ඇය ඔහු වෙත යක්ෂාවේශයෙන් මෙන් පැමිණ ඇය රැගෙන ආ භාජනයේ තිබූ දියරයක් ඔහුගේ මුහුණට ඉස “ඔන්න මගෙන් උඹට තොත්තුවක් නැහැදිච්ච පාහරයා” කියා බැන වදිමින් අතේ තිබූ කොස්සෙන් දිගට හරහට පහර දෙන්න වූවාය.
ඇය අත තිබූ භාජනයෙන් විසි කළ මිරිස් වතුර නිසා ඔහුගේ හිසේ සිට පහළට මිරිස් වතුරෙන් නැහැවී ගියේය. මිරිස් වතුර ඇස් දෙක දෙසට ද යෑඹ හේතුවෙන් ඇස් දෙකේ පැවති දැවිල්ලක් කොහු මිටේ ප්‍රහාරයක් නිසා නිවෙසෙන් පිටතට දිව යෑමට තැත් කළත් එය ව්‍යර්ථ වී තිබේ.
මේ කලබලය හා ඇයගේ කෑ ගැසීම නිසා අසල් වැසියෙක් එම නිවෙසට දිවගෙන විත් ඒ වන විටත් මිරිස් හා කොසු ප්‍රහාරයෙන් පීඩාවට පත්ව සිටි ඔහු එම ස්ථානයෙන් ඉවත්කරගෙන ගියේය. අසල් වැසියාගේ නිවෙසට රැගෙන ගොස් ඔහුගේ ශරීරයේ ගැටී තිබූ මිරිස් වතුර පිසදා ප්‍රහාරයෙන් ලත් තුවාලවලට ප්‍රතිකාර ලබාදීඹ සදහා රෝහලකට රැගෙන ගොස් ඇරලීමට ඔහු පියවර ගත්තේ අසල්වැසියා පත්ව සිටි තත්ත්වය ගැන අනුකම්පාවෙනි.
ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය ඔහු නැවත ගමනට නොඑන බව කියමින් ගමෙන් පිටව ගිය බව මේ වන විට ගමේ හැම තැනකම කතාවන මාතෘකාවක් වී තිබේ.
2025 සැප්තැම්බර් 11, පෙ.ව. 12:08
2025 සැප්තැම්බර් 11, පෙ.ව. 12:04
2025 සැප්තැම්බර් 10, පෙ.ව. 12:05
2025 සැප්තැම්බර් 09, පෙ.ව. 12:08
2025 සැප්තැම්බර් 09, පෙ.ව. 12:04
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25