2023 අගෝස්‍තු 19, පෙ.ව. 12:01
මෙරට ඉන්ධන වෙළෙඳාමට අලුතින් සමාගම් එක්වීමත් සමග ඇතිවී තිබෙන තරගකාරීත්වයත් සමග තෙල් සංස්ථාවේ අනුමැතිය නොමැතිව අලුතින් ඉන්ධන පිරවුම්හලක් ඉදිකිරීමට පටන්ගෙන ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය කියා සිටිනවා.
දැනටමත් එක්තරා සමාගමක් කඩුවෙල ප්‍රදේශයේ අවසර නොගෙන ඉන්ධන පිරවුම්හලක් ඉදිකරන බව ද එම සංගමය පවසයි.
මෙරට ඉන්ධන වෙළෙඳාමට එක්වී සිටින චීන සයිනොපෙක් සමාගමට එම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ලබා ගැනීමත් සමග ඇතිවී තිබෙන තරගකාරීත්වය මත නීති විරෝධී ඉන්ධන පිරවුම්හලක් ඉදිකිරීමට තවත් සමාගමක් පියවර ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඛනිජ තෙල් සංස්ථා හා තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිත්වය උසුලන උවයිස් මොහොමඩ් මහතාගෙන්ද විමසා තිබෙන අතර සභාපතිවරයා ලිඛිතව දැනුම් දී ඇත්තේ එවැනි පිරවුම්හලකට අවසර ලබාගෙන නොමැති බවයි.
ඒ අනුව මෙම ඉදිකරන පිරවුම්හලට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කර ඇත.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26