hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2023 අගෝස්‍තු 19, පෙ.ව. 12:24



සෞදි අරාබියාවේ සංචාරයක නිරත ඉරාන විදේශ අමාත්‍යවරයා සෞදි කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු මුණගැසුණා.

මෙය දෙරට අතර සබඳතා පුළුල් වීම පිළිබඳ වැදගත් හමුවක් බවයි සඳහන් කෙරෙන්නේ. ඉරාන විදේශ අමාත්‍යවරයා කලින් සැලසුම් කළාට වඩා වැඩියෙන් සෞදි අරාබියාවේ රැඳී සිටි බව ද වාර්තා වුණා.

සිකුරාදා පැවති මෙම සාකච්ඡා අවංකභාවයෙන් යුතු, වාසිදායක සහ ඵලදායී වූ බවයි ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර්-අබ්දුල්ලහියාන් කියා සිටියේ.

මේ අතර සෞදි පුවත් ඒජන්සියට අනුව දෙරට අතර අනාගත සහයෝගීතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ බව සඳහන් වනවා.

මේ අතර ඉරානයේ IRNA පුවත් සේවයට අනුව මෙය එරට ප්‍රධාන පෙළේ බලධාරියකු බින් සල්මාන් හමුවූ පළමු අවස්ථාවයි.