hit counter

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 23, ප.ව. 11:49



වැග්නර් පුද්ගලික මිලිටරි සමාගමේ ප්‍රධානියා වන යෙව්ගෙනි ප්‍රිගෝෂින් ගමන් ගත් බව කියැවෙන ගුවන් යානයක් රුසියාවේදී කඩාවැටී තිබෙනවා.

මොස්කව් හි ශෙරමීතිවා ගුවන් තොටුපලේ සිට සාන්ත පිතර්බූර්ග් කරා ගමන් කරමින් තිබූ එම පෞද්ගලික යානය ප්‍රිගෝෂින්ට අයත් Embraer Legacy 600 වර්ගයේ යානයක් බවයි කියැවෙන්නේ.

එහි කාර්යය මණ්ඩලය තුන් දෙනකු සහ මගීන් හත් දෙනකු සිටි බවත් ප්‍රිගෝෂින්ගේ නම ද එහි ගමන් ගත් අයගේ නාම ලේඛනයේ වූ බවත් දැනගන්නට ලැබෙනවා.

යානයේ සිටි සියල්ලන්ම මියගිය බවයි දැනට විශ්වාස කෙරෙන්නේ.

රුසියාවේ ක්‍රියාත්මක පුද්ගලික මිලිතරි සමාගමක් වන වැග්නර් හි ප්‍රධානියා වන ප්‍රිගෝෂින්, ජනාධිපති පුටින්ට ද සමීප වූ බව නොරහසක්. කෙසේ වෙතත් ජූනි මාසයේදී ඔහු රුසියානු ආණ්ඩුවට එරෙහිව කැරලි ගැසුවා. එම ගැටළුව කඩිනමින් විසඳාගත්ත ද ඇතැමුන් ඒ පිළිබඳ විවිධ ප්‍රශ්න නගමින් සිටියා.