hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2023 අගෝස්‍තු 25, ප.ව. 10:47



රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් ලබන මාසයේ ඉන්දියාවේදී පැවැත්වෙන G-20 රාජ්‍ය නායක හමුවට සහභාගී නොවන බව ක්‍රෙම්ලීනය පවසනවා.

ක්‍රෙම්ලීන ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝෆ් සඳහන් කළේ මෙම අවස්ථාවේ විදේශීය සංචාරයන් පුටින් ගේ න්‍යායපත්‍රයෙහි නොවන බවයි. ඔහු වඩා අවධානය යොමු කරන්නේ යුක්‍රේනයේ විශේෂ මිලිටරි මෙහෙයුම් වෙත බවයි පෙස්කෝෆ් පවසන්නේ.

කෙසේ වෙතත් පුටින් විදේශ සංචාරවල නිරත නොවීමට තවත් හේතුවක් ලෙස සැලකෙන්නේ ඔහුට එරෙහිව අන්තර්ජාතික අපරාධ අධිකරණය මගින් නිකුත් කර ඇති වරෙන්තුවයි. පසුගියදා අවසන් වූ BRICS රාජ්‍ය නායක සමුළුවට ද පුටින් සහභාගී නොවූයේ ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා දකුණු අප්‍රිකාවට එල්ල වූ බලපෑම හේතුවෙන්.

පසුගිය වසරේ ඉන්දුනීසියාවේදී පැවති G-20 රාජ්‍ය නායක හමුවට ද පුටින් සහභාගී වූයේ නැහැ.