hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2023 අගෝස්‍තු 28, පෙ.ව. 7:44



ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලූ බව කියන රුසියානුවෙක් සහ ඔහුගේ බිරිඳ ලෙබනනයේ බේරූට් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගන්නා ලද බව ලෙබනනයේ අල්-අක්බාර් පුවත්පත වාර්තා කර තිබෙනවා.

ලෙබනන බුද්ධි අංශ ප්‍රධානියකු වන එලියාස් අල්-බයිසාරි මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ නොබෝදා ආනාවරණය කර තිබුණ ද ඔහු එසේ අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් කිනම් ජාතිකයන් ද යන්න ප්‍රකාශ කළේ නැහැ.

අල්-අක්බාර් පුවත්පත වාර්තා කරන්නේ ඔවුන් රුසියානු ජාතිකයන් වන බවයි. එමෙන්ම අදාල රුසියානු ජාතිකයා තම වරද පිළිගෙන ඇතැයි ද එම පුවත්පත පවසනවා. එම වාර්තාවට අනුව ඊශ්‍රායලය විසින් එම පුද්ගලයාව තමන් වෙනුවෙන් ඔත්තු බැලීමට බඳවාගෙන ඇති බවත් ඒ අනුව ඔහු ලෙබනනය වෙත පැමිණි බවත් සඳහන්. හිස්බුල්ලා සංවිධානය රැඳී සිටින ස්ථාන නිරීක්ෂණය කර හැකි නම් ඒවායේ ඡායාරූප ගැනීම ඔහුට භාරදුන් කර්තව්‍යය බවයි පැවසෙන්නේ.

මේ අනුව මෙම තැනැත්තා දකුණුදිග ලෙබනනයේ නිතර සැරිසැරූ බව ද සඳහන් වනවා.