hit counter

2026 ඔක්‍තෝබර් මස 25 වන ඉරිදා

2023 අගෝස්‍තු 29, ප.ව. 6:25



ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනට ක්‍රියාත්මක කරනු ලබන වීසා ක්‍රමවේදය සරල කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

පැමිණීමේ සහ වාස වීසා යන වර්ග දෙක යටතේ නිකුත් කරන වීසා කාණ්ඩයන්ගේ පවතින සංකීර්ණතා සැළකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව වැඩි විදේශීය ආකර්ෂණයන් පවතින රටවල ක්‍රියාත්මක වීසා ක්‍රමවේදයන් සැලකිල්ලට ගෙන මෙරට වීසා ක්‍රමවේදය සකස් කිරීමට අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: