2023 අගෝස්තු 30, ප.ව. 3:03
ඉන්දියාවේ “ඉන්දියා” විපක්ෂ සන්ධානයෙහි මීළඟ හමුව අගෝස්තු 31 වනදා සහ සැප්තැම්බර් 1 වනදා මුම්බායි හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
මේ සඳහා කොන්ග්‍රස් පක්ෂයේ සෝනියා ගාන්ධි ද සහභාගී වීමට නියමිතයි. එමෙන්ම සන්ධානයේ සලකුණ එළිදැක්වීම ද මෙහිදී සිදුවීමට නියමිත අතර 2024 මහමැතිවරණ උපක්‍රම පිළිබඳව ද සාකච්ඡා කෙරෙනු ඇති.
දැනට පක්ෂ 26 කින් යුක්ත මෙම සන්ධානය මීට පෙර අවස්ථා දෙකක දී මුණගැසුණු අතර ඔවුන්ගේ සන්ධානයේ නම එළිදැක්වූයේ බැංගලෝරයේදී සිදුවූ දෙවන හමුවේදී යි.
කෙසේ වෙතත් සිය අගමැති අපේක්ෂකයා කවරකු වේදැයි මෙතෙක් “ඉන්දියා” සන්ධානය ප්‍රකාශ කර නැහැ. ඒ පිළිබඳ නිවේදනයක් මුම්බායි හමුවේදී සිදුකෙරෙනු ඇති ද යන්න මෙතෙක් පැහැදිලිව නැහැ.
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24