2023 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 9:43
ප්‍රංශ තානාපතිවරයාට සහ යුධ හමුදාවට රටින් පිටවන ලෙස බල කෙරෙන උද්ඝෝෂණයක් ඊයේ නිජර් රාජ්‍යයේ අගනුවර නියාමේ හිදී පැවැත්වුණා.
තානාපතිවරයාට රටින් පිටවන ලෙස එරට හමුදා පාලනය පසුගියදා දැනුම්දුන් නමුත් ප්‍රංශය සඳහන් කළේ තමන් එම පාලනය පිළිනොගන්නා හෙයින් එහි නියෝග ද පිළිනොගන්නා බවයි. නිජර් හමුදා පාලනය විසින් ප්‍රංශ තානාපතිවරයාගේ තානාපති මුක්තිය ඉවත් කරන ලද අතර ඔහුව රටින් පිටමං කරන ලෙස පොලිසියට දන්වා තිබෙනවා.
පසුගිය සමයේ දී ඉස්ලාමීය අන්තවාදීන් සමග සටන් කිරීමට සහය වීම සඳහා ප්‍රංශ හමුදාවේ 1,500 ක පිරිසක් නිජර් වෙත එවා තිබුණා. එම සෙබළුන්ට ද රටින් පිටවන ලෙස බල කරමින් ඊයේ නියාමේ හි උද්ඝෝෂණ පැවැත්වුණා. ප්‍රංශ හමුදා රැඳී සිටින කඳවුර ආශ්‍රිතව ද විශාල උද්ඝෝෂණ පැවති බවයි වාර්තා වූයේ. ඒ අවට ප්‍රදේශයේ නිජර් හමුදා විසින් මුරකාවල් යොදා ආරක්ෂාව තර කර තිබුණා.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 9:07
2025 අගෝස්‍තු 02, පෙ.ව. 8:59
2025 ජූලි 31, ප.ව. 11:15
2025 ජූලි 30, පෙ.ව. 9:13
2025 ජූලි 28, ප.ව. 11:38