2023 සැප්‍තැම්‍බර් 03, ප.ව. 12:03
ඉන්දීය ජාතික කොන්ග්‍රස් සභාපතිනි සෝනියා ගාන්ධි උණ තත්ත්වයක් හේතුවෙන් දිල්ලියේ සර් ගංගා රාම් රෝහලට ඇතුලත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඇය වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ පසුවන බවත් ඇයගේ තත්ත්වය යහපත් බවත් ANI පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කළා.
සෝනියා ගාන්ධි පසුගියදා මුම්බායි හිදී පැවති විපක්ෂ “ඉන්දියා” සන්ධානයේ රැස්වීමට ද සහභාගී වුණා.
මෙම වසර තුළ මීට ප්‍රථම දෙවරක් ඇය රෝහල්ගත කරනු ලැබ තිබෙනවා. ජනවාරි මාසයේදී ආශ්වාස ප්‍රාශ්වාස පද්ධතියෙහි ආසාදනයක් හේතුවෙන් ඇය දින පහක් රෝහල්ගතව සිටියා. මාර්තු මාසයේදී ද උණ තත්ත්වයක් හේතුවෙන් ඇය රෝහල්ගත කෙරුණා.
දැනට 76 හැවිරිදි වන සෝනියා ගාන්ධි මීළඟ මහමැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය පරාජය කිරීම සඳහා නිර්මාණය වන “ඉන්දියා” සන්ධානයේ ද වැදගත්ම නායිකාවක වනවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24