2023 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 8:15
යුක්‍රේන ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සේයි රෙස්නිකොෆ් එම ධුරයෙන් ඉවත් කෙරෙන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළා.
ඊයේ රාත්‍රියේ වීඩියෝ මගින් කළ සිය ප්‍රකාශයේදී සෙලෙන්ස්කි මේ බව නිවේදනය කළා. ඔහුගේ ස්ථානයට යුක්‍රේන රාජ්‍ය දේපළ අරමුදලේ ප්‍රධානී රුස්තෙම් උමේරොෆ් පත්කෙරෙන බවයි සඳහන් වන්නේ.
ඔලෙක්සේයි රෙස්නිකොෆ් 2021 නොවැම් බරයේ සිට යුක්‍රේන ආරක් ෂක අමාත්‍ය ධුරයෙහි කටයුතු කළා. රුසියාව සමග යුද්ධය අතරතුර යුක්‍රේනය වෙත විශාල ආධාර ප්‍රමාණයක් ලැබුණ නමුත් ආරක්ෂක අමාත්‍යංශය වෙත විවිධ දූෂණ චෝදනා ද එල්ල වුණා. රෙස්නිකොෆ් පවසන්නේ ඔහු කෙරෙහි එල්ලවන්නේ ව්‍යාජ චෝදනා බවයි.
ආරක්ෂක අමාත්‍යවරයා ඉවත් කිරීම සහ නව පත්කිරීම පාර්ලිමේන්තුව මගින් අනුමත කළ යුතු අතර ඉන් අනතුරුව නව අමාත්‍යවරයා වැඩ බාරගනු ඇති.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24