hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 05, ප.ව. 3:05



රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් අතර හමුවක් මෙම මසදී සිදුවීමේ ඉඩක් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

උතුරු කොරියානු නායකයා සිය සන්නාහ සන්නද්ධ දුම්රියෙන් රුසියාවේ ව්ලදිවොස්තොක් නගරයට පැමිණීමට නියමිත බව සඳහන් වනවා.

කෙසේ වෙතත් රටවල් දෙකම මෙවන් හමුවක් පිළිබඳ මෙතෙක් තහවුරු කර නැහැ.

මේ අතර රුසියාවට කාලතුවක්කු උණ්ඩ සහ අමුද්‍රව්‍ය සැපයීමට උතුරු කොරියාව කටයුතු කරනු ඇතැයි බටහිර රටවල් සැක පළ කරනවා. ඇමරිකා එක්සත් ජනපදය කියා සිටින්නේ එවැනි ක්‍රියාවක් මගින් උතුරු කොරියාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්බාධක කඩ කෙරෙනු ඇති බවයි. මේ අතර රුසියාව විසින් උතුරු කොරියාවට ආහාර ද්‍රව්‍ය සහ චන්ද්‍රිකා තාක්ෂණය, රොකට් තාක්ෂණය ආදිය ලබාදෙනු ඇතැයි ඇමරිකාව සැක කරනවා.