2023 සැප්‍තැම්‍බර් 06, ප.ව. 11:34
නිජර් රාජ්‍යයේ රැඳී සිටින ප්‍රංශ හමුදා ඉවත් කරගැනීම පිළිබඳව ප්‍රංශ රජය සහ නිජර් යුධ හමුදාව අතර සාකච්ඡා පැවැත්වෙන බවට ප්‍රංශ මාධ්‍ය වාර්තා කරනවා.
අද ලෙ මොන්ඩ් පුවත්පත පවසා තිබුණේ මෙම කරුණ පිළිබඳව සාකච්ඡා සිදුවන බවට දැනගන්නට ඇති බවයි.
කෙසේ වෙතත් ප්‍රංශ රජය නිජර් හි හමුදා පාලනය පිළිනොගන්නා හෙයින් ඔවුන් සමග සාකච්ඡා නොකරන බවත් යුධ හමුදා මට්ටමෙන් සාකච්ඡා සිදුවන බවත් එම වාර්තාව පැවසුවා.
ඊයේ නිජර් හි හමුදා පාලනය විසින් පත්කළ ආණ්ඩුවෙ අගමැතිවරයා ප්‍රංශ හමුදා ඉවත් කරගැනීමේ සූදානමක් පිළිබඳ සඳහන් කර තිබුණා.
දැනට නිජර් හි කඳවුරු තුනක ප්‍රංශ හමුදා සාමාජිකයන් 1,500 ක් පමණ රැඳී සිටිනවා. ඔවුන් සම්පූර්ණයෙන් ම හෝ කොටසක් හෝ ඉවත් කරගන්නට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.
හමුදාව විසින් ජූලි 26 වනදා බලය අල්ලාගත් පසු විවිධ අවස්ථාවල මෙම ප්‍රංශ සෙබළුන් ඉවත් කරගන්නා ලෙස බලකරන උද්ඝෝෂණ පැවැත්වුණා.
එමෙන්ම නිජර් හමුදා පාලනය ප්‍රංශය සමග වූ සියළු ආරක්ෂක ගිවිසුම්වලින් ඉවත් වන බව ද සඳහන් කළා.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 9:07
2025 අගෝස්‍තු 02, පෙ.ව. 8:59
2025 ජූලි 31, ප.ව. 11:15
2025 ජූලි 30, පෙ.ව. 9:13
2025 ජූලි 28, ප.ව. 11:38