hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 8:05



හිටපු ගැබොන් ජනාධිපති අලි බොංගෝට රටින් පිටවීමට අවසර තිබෙන බව ගැබොන් හි හමුදා පාලනය නිවේදනය කර තිබෙනවා.

අගෝස්තු 30 වනදා සිදුවූ හමුදා කුමන්ත්‍රණය අවස්ථාවේ ඔහුව නිවාස අඩස්සියට පත් කරනු ලැබුණා.

ඉකුත් සඳුදා දින ජෙනරල් බ්‍රයිස් ඔලිගි න්ගේමා එරට අන්තර්වාර ජනාධිපති ලෙස දිවුරුම් දුන් අතර ඉන් අනතුරුව ඔහු බොංගෝ පාලනය යටතේ රඳවාගෙන සිටි දේශපාලන සිරකරුවන් ද නිදහස් කරන බව සඳහන් කළා.

අලී බොංගෝ 2009 සිට ගැබොන් හි ජනාධිපති වශයෙන් කටයුතු කළා. අගෝස්තු 26 වනදා පැවති ජනාධිපතිවරණයේදී ඔහු ජයග්‍රහණය කළේ යයි නිල වශයෙන් නිවේදනය කරනු ලැබුණ ද එම මැතිවරණය දූෂිත වූ බව චෝදනා කරමින් හමුදාව විසින් ඔහුව බලයෙන් ඉවත් කෙරුණා.

Example Image