2023 සැප්‍තැම්‍බර් 07, ප.ව. 10:59
ජපානය විසින් අද දින සඳ වෙතට යානයක් පිටත් කර හැරියා. සඳ ගවේෂණය සඳහා වන සුහුරු ගොඩබසිනය යන අරුතින් Smart lander for Investigating Moon (SLIM) ලෙස නම් කර ඇති එම යානය “ස්නයිපර්” යනුවෙන් ද හැඳින්වෙනවා. එම යානය ඉලක්කගත ස්ථානයෙන් මීටර් 100 ක් පමණ ඇතුලත ගොඩබැස්වීමට අපේක්ෂා කරන බැවින් එම නම යොදා තිබෙනවා.
සඳ මත ගොඩබැසීමේ දී සාමාන්‍ය යානයක් බලාපොරොත්තු වන ස්ථානයේ සිට කිලෝමීටර කිහිපයක් තුළ ප්‍රදේශයක ගොඩබැස්විය හැකියි. විවිධ හේතූන් මත මෙසේ ගොඩබසින්නට බලාපොරොත්තු වන ස්ථානයටම හරියටම ගොඩබැසීම පහසු නැහැ. කෙසේ වෙතත් ජපන් යානය ඉතා ආසන්න වශයෙන් බලාපොරොත්තු වන ස්ථානයට ළඟා වේ යයි අපේක්ෂා කෙරෙනවා.
2022 දී ජපානය විසින් යවන ලද චන්ද්‍ර යානයක් අසාර්ථක වුණා. එය ගොඩබැස්සේ නම් මිනිසා විසින් සඳෙහි ගොඩබැස්වූ කුඩාම යානය ලෙස වාර්තා වන්නට තිබුණා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24