hit counter

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 8:38



උතුරු කොරියාව ස්ථාපිත කිරීමේ 75 වන සංවත්සරය ප්යොංග්යෑංග් අගනුවර පැවති විශාල හමුදා සංදර්ශනයකින් සහ ප්‍රසංගයකින් සමරනු ලැබුණා.

සැප්තැම්බර් 9 වනදාට යෙදෙන සංවත්සර සැමරුම සිදුකෙරුණේ සිකුරාදා රාත්‍රියේ සහ සෙනසුරාදා අලුයමට වන්නටයි.

මෙම අවස්ථාවට උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් සිය දියණිය සමග පැමිණ සිටියා. කෙසේ වෙතත් සභාව අමතන ලද්දේ උතුරු කොරියානු අගමැති කිම් ටොක්-හුන් විසින් වීම විශේෂිත කරුණක්.

මෙම උත්සවය සඳහා චීනයෙන් ප්‍රධාන පෙළේ දූත කණ්ඩායමක් පැමිණ සිටියද රුසියාවෙන් එවන් දූත කණ්ඩායමක් එවා තිබුණේ නැහැ. ඇතැම්විට එය නුදුරේදී සිදුවිය හැකි කිම් සහ ජනාධිපති පුටින් අතර හමුවක් පිළිබඳ ඉඟියක් විය හැකි යයි විචාරකයන් පවසනවා.