hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 9:14



ඊයේ පැවති මාලදිවයින් ජනාධිපතිවරණයේ දී ජනාධිපති ඊබ්‍රහිම් සෝලි අභිබවා යාමට ජනතා ජාතික කොන් ග්‍රසයේ ආචාර් ය මොහොමඩ් මුයිසු සමත් වුණා.

මාලේ අගනුවර පුරපති වන මුයිසු ඡන්ද 101,100 ක් ලබාගත් අතර එය සියයට 46.06 ක ප්‍රතිශතයක්. ඒ අනුව සියයට 50 සීමාව ඉක්මවා යාමට ඔහු අසමත් වූ හෙයින් දෙවන වටයේ ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවන අතර එය සැප්තැම් බර් 30 වනදා සිදු කෙරෙනු ඇති.

මේ අතර ජනාධිපති ඊබ්‍රහීම් සෝලි ලබාගත්තේ ඡන්ද 85,809 ක් පමණයි. එය සියයට 39.09 ක ප්‍රතිශතයක්.

හිටපු ජනාධිපති මොහොමඩ් නශීඩ්ට පක්ෂ “ද ඩිමොක්‍රැට්ස්” පක්ෂයේ ඉල්යාස් ලබීබ් ඡන්ද 15,403 ක් ලබාගත් අතර ප්‍රතිශතයක් ලෙස එය සියයට 7.04 ක්.

ඊබ්‍රහීම් සෝලි ඉන්දියාවට සමීප පාලකයකු වන අතර ආචාර්ය මුයිසු හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ පක්ෂය නියෝජනය කරනවා. යමීන් වඩාත් නැඹුරු වන්නේ චීනය දෙසටයි. මේ අනුව මෙම මැතිවරණ ප්‍රතිඵලය කලාපීය තරගයේදී ඉන්දියාව ලද පරාජයක් ලෙස ද දිස්වනවා.