hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 12, ප.ව. 3:55



දෙනෙත් ඉදුවර කියන්නේ මොරටුව කාර්මික විද්‍යාලයේ ජලනල පිළිබඳ පාඨමාලාවක් හදාරන 18 හැවිරිදි තරුණයෙක්.

ඔහු තම පියා සමඟ අදත් උදෑසන දුම්රිය ස්ථානයට පැමිණියේ හැමදාම යන 06.05 කෝච්චියට ගොඩ වෙන්න.

නමුත් දුම්රිය වර්ජනය නිසා වෙනදා වෙලාවට කෝච්චිය ආවේ නැහැ.

එම නිසා ඉඳුවරට මහ සෙනගක් ආව ඊලඟ කෝච්චියේ වහලයට නඟින්න සිද්ධ වුණා.

කොළඹින් බැහැලා බස් එකේ මොරටුවට යන්න ඉඳුවර තාත්තගෙන් රුපියල් 300ක් ද ඉල්ලා ගෙන තියෙනවා.

කෝච්චිය නැති නිසා අම්මා ගෙදර එන්න කියලා ඉඳුවරට කතා කළ බවත් නමුත් ඔහු අද යා යුතුම බව සිය මවට පවසා තිබෙනවා.

ඔහු හොරපේ දුම්රිය ස්ථානයේදී උදෑසන 7.40ට පමණ නොසිතූ ලෙස දුම්රියෙන් ඇද වැටෙන්නේ පාලමක වැදීමෙන් බවයි අසල සිටි කාන්තාවක් පවසන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: