hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 12, ප.ව. 10:01



ලිබියාවෙහි ඉකුත් දින කිහිපය තුළ සිදුවූ දැවැන්ත ජලගැලීම්වලින් මියගිය සංඛ්‍යාව මේ වනවිට 5,200 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවා.

තවත් දහස් ගණනක් තවමත් අතුරුදන්ව සිටිනවා.

ප්‍රධාන වශයෙන් නැගෙනහිර ලිබියාවට බලපා ඇති මෙම තත්ත්වයට හේතු වූයේ අධික වර්ශාපතනයයි. එක් දිනක් තුළදී ඉකුත් වසර හතලිහකදී ම ලැබුණු තරමට වඩා වැසි ඇදවැටුන බවයි වාර්තා වන්නේ.

ප්‍රධාන වශයෙන්ම හානියට පත් වූ නගරයක් වන්නේ දෙර්නා යි. ඊට හේතු වූයේ ජලාශ දෙකක වේලි පුපුරා යාම නිසා නගරය ජලයෙන් යට වීමයි. එම නගරයේ පමණක් 6,000 කට වැඩි පිරිසක් අතුරුදහන්ව ඇතැයි වාර්තා වුණා.