hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 8:05



ක්‍රිමියාවේ සෙවස්තොපල් වෙත මිසයිල​ ප්‍රහාරයක් එල්ල වී ඇතැයි එම ප්‍රදේශයේ ආණ්ඩුකාර මිහායිල් රස්වෂායෙව් පවසනවා.

එහි වෙලාවෙන් අද අළුයම 3.18 ට පමණ එල්ල වූ ප්‍රහාරය වැළැක්වීමට ගුවන් ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක කළ බවත්, ප්‍රහාරය හේතුවෙන් නගරයේ කාර්මික දිස්ත්‍රික්කයේ හමුදාමය නොවන ආයතනයකට හානි වී ඇති බවත් ආණ්ඩුකාරවරයා පැවසුවා.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූප සහ වීඩියෝ අනුව පිපිරීම් කිහිපයක් සහ ගින්නක් නිරීක්ෂණය කළ හැකියි.