hit counter

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 16, ප.ව. 1:21



රජයේ විවිධ තරාතිරම්වල දේශපාලඥයන්ට,පොලිසියේ, ත්‍රිවිධ හමුදාවේ සහ විවිධ ආයතනවල ප්‍රධානීන්ට නිකුත් කෙරුණු නිල රථ දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගෙන ඇතැයි බුද්ධි අංශ රජයට බාරදී ඇති වාර්තාවක සඳහන් වී තිබෙනවා.

මේ හේතුවෙන් විශාල මුදල් නාස්තියක් වන බව එම වාර්තාවෙන් පෙන්වාදී ඇත.

මේ අතර සමහර ප්‍රධානීන් තමන්ගේ පෞද්ගලික වාහන තමන් සේවය කරන ආයතනයට කුලී පදනම මත ලබාදී කුලිය ලබා ගන්නා අතරේම ඒවා නිල රථ ලෙසද පාවිච්චියට යොදාගෙන සිටින බව වාර්තා වේ.

ප්‍රධානීන්ගේ බිරින්දෑවරුන්ගේ ගමන් බිමන්, දරුවන්ගේ පාසල් ගමන් සඳහා මෙම නිල රථ වැඩි වශයෙන් පාවිච්චි කරන බවට බුද්ධි අංශවලට පෙනී ගොස් තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: