2023 සැප්‍තැම්‍බර් 19, ප.ව. 8:19
අද(19) දෙවැනි දිනටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරුවරියක ඉදිරියේ විභාග කෙරුණා.
එහිදී ධනුෂ්කගේ නීතිඥ මුරුගන් තංගරාජ් මහතා විසින්, වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ අදාළ කාන්තාවගෙන් හරස් ප්‍රශ්න අසනු ලැබුවා.
ඇය චෝදනා එල්ල කර තිබුණේ, ටින්ඩර් සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගෙන සිඩ්නි නුවර අවන්හලකදී හමු වී දෙදෙනා එක්ව මත්පැන් පානය කොට ඇයගේ නිවසට ගිය පසු තමන්ගේ කැමැත්තකින් තොරව ධනුෂ්ක ලිංගික ක්‍රියාවක නිරත වූ බවටයි.
කෙසේ වෙතත්, ධනුෂ්කට චෝදනා හතරක් එල්ල වූවත් මේ වනවිට එය එක් චෝදනාවකට සීමා වී ඇති අතර තමා ඊට නිවැරදිකරු බව ධනුෂ්ක ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නඩු විභාගය ආරම්භ වූයේ ඊයේ දිනයේදීය.
අදාළ කාන්තාව වෙත අද හරස් ප්‍රශ්න යොමු කළ නීතීඥයා විමසා සිටියේ ධනුෂ්ක හිතාමතාම අනාරක්ෂිත ලිංගික ක්‍රියාවක නිරත වූ බව තමාට නිසැකව තහවුරු කළ හැකිද යන්නයි.
ඇය මීට පෙර ලබාදී ඇති සාක්ෂි සහ සඳහන් කර ඇති කාල විරාමයන් අනුව ධනුෂ්කට ඊට අවස්ථාවක් තිබුණේද යන්න නීතිඥ මුරුගන් තංගරාජ් විමසා සිටියා.
එමෙන්ම හරස් ප්‍රශ්න ඇසීමේදී එලෙස අපයෝජනයට ලක් වූ බව කියන රාත්‍රියේ තමාට ඕනෑම මොහොතක ධනුෂ්කගෙන් මිදී තනිව ඇගේ නිවසට යාමට හැකියාවක් තිබූ බවද අදාළ කාන්තාව පිළිගෙන තිබෙනවා.
තම නිවසට පැමිණි ධනුෂ්කට මත්පැන් ලබාදී ඉටි පහන් දල්වා ස්වභාවික සන්ධ්‍යාවක රසාස්වාදය ලැබීම සඳහා තමා පසුබිම සකස් කළා නොවේදැයි ධනුෂ්කගේ නිතිඥයා විමසා සිටි අතර අදාළ කාන්තාව එම මතයට එකඟ වී නොමැත.
ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව ඔහු පැමිණිලිකාර කාන්තාවගේ අනුදැනුමකින් තොරව අනාරක්ෂිත ලිංගික ක්‍රියාවලියක නිරතවී ද යන්න මත පදනම් වී ඇති බවයි, ඔස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කළේ.
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20
2026 අගෝස්තු 19, ප.ව. 9:51
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26