2023 සැප්‍තැම්‍බර් 20, ප.ව. 6:33
නගර්නෝ-කරබාක් ප්‍රදේශය සහ අසර්බයිජානය අතර සටන් විරාමයකට අද එළඹීමත් සමග ඊයේ ඇරඹුණ ගැටුම් නවතින තත්ත්වයක් මතුව තිබෙනවා.
එරට වෙලාවෙන් අද දහවල් 1.00 සිට එම සටන් විරාමය ක්‍රියාත්මක බවයි නගර්නෝ-කරබාක් බලධාරීන් වාර්තා කළේ.
කෙසේ වෙතත් ඊයේ සිට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් අසර්බයිජානය විසින් උපක්‍රමිකව වැදගත් ඇතැම් උස්බිම් හා මංසන්ධි අත්පත් කරගෙන ඇතැයි ද වාර්තා වනවා.
මේ අතර මෙම එකඟතාවයට අනුව නගර්නෝ-කරබාක් සන්නද්ධ අංශ සහ ප්‍රදේශයේ සිටින ආර්මේනියානුවන් අවි බිම තබනු ඇතැයි අසර්බයිජානය පවසනවා.
කෙසේ වෙතත් සටන් විරාමය සහ ඉන්පසු මතුවන තත්ත්වය පිළිබඳ හෙට දිනයේ සාකච්ඡාවක් පැවැත්වෙනු ඇතැයි නගර්නෝ-කරබාක් බලධාරීන් සඳහන් කළා. මෙහිදී ප්‍රදේශය යළි අන්තර්ග්‍රහණය කිරීම, මානව හිමිකම් සහ ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා වීමට නියමිත බවයි සඳහන් වුණේ.
2026 මැයි 19, ප.ව. 6:12
2026 මැයි 17, ප.ව. 10:12
2026 මැයි 17, ප.ව. 9:49
2026 මැයි 10, ප.ව. 4:58
2026 මැයි 04, පෙ.ව. 10:41