hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 20, ප.ව. 7:06



යේමනයේ අන්සරල්ලා ව්‍යාපාරය හෙවත් හූති කැරලිකරුවන් සමග වූ මූලික සාකච්ඡා ධනාත්මක වූ බව සෞදි අරාබියේ විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයකු සඳහන් කළා.

මෙම සාකච්ඡා සඳහා හූති නියෝජිත පිරිසක් සෞදි අරාබියේ සංචාරය කළා. දින පහක සාකච්ඡා අවසන ඔවුන් සෞදි අරාබියෙන් පිටව ගොස් තිබෙනවා.

2011 සිට පවතින යේමන සිවිල් යුද්ධයට 2015 දී සෞදි අරාබිය ප්‍රමුඛ සන් ධානයක් සම් බන් ධ වුණා. ඔවුන් සහ හූති කැරලිකරුවන් මේ දක්වා ගැටුම්වල නිරතව සිටිනවා. හූති ව්‍යාපාරයට ඉරානයේ සහය ලැබෙන බවයි සඳහන් වන්නේ.

පසුගියදා සෞදි අරාබිය සහ ඉරානය අතර කලක් තිස්සේ පැවති එදිරිවාදිකම සමනය වීමත් සමග යේමන යුද්ධය සාකච්ඡාමය මාර්ගයකින් විසඳාගැනීම පිළිබඳ බලාපොරොත්තු ඇති වුණා.