hit counter

2025 ඔක්‍තෝබර් මස 28 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 1:40



ඊශ්‍රායලයේ සංචාරක අමාත්‍ය හයිම් කට්ස් දින දෙකක සංචාරයක් සඳහා සෞදි අරාබියේ රියාද් වෙත පැමිණ තිබෙනවා. ඒ එක්සත් ජාතීන්ගේ සංචාරක සමුළුවකට සහභාගී වීම සඳහායි. මෙය ඊශ්‍රායල අමාත්‍යවරයකු නිල කටයුත්තක් සඳහා ප්‍රසිද්ධියේ සෞදි අරාබිය වෙත සංචාරය කරන පළමු අවස්ථාවයි.

මීට අමතරව ඊළඟ සතියේදී ඊශ්‍රායල සන්නිවේදන අමාත්‍යවරයා ද සෞදි අරාබියට පැමිණීමේ සූදානමක් වන බව වාර්තා වනවා. මේ බව ඊශ්‍රායල සන්නද්ධ අංශ විසින් නිවේදනය කර තිබුණා.

හයිම් කට්ස්ගේ සංචාරය සිදුවන්නේ ඇමරිකාවේ මැදිහත්වීමෙන් ඊශ්‍රායලය සහ සෞදි අරාබිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනැගීමේ උත්සාහයක් කෙරෙන අතරවාරයේ යි. පසුගිය සතියේදී සෞදි කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු මෙන්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ද මේ පිළිබඳ ධනාත්මක ලෙස අදහස් දැක්වීම් සිදුකර තිබුණා.