2023 සැප්තැම්බර් 28, ප.ව. 11:49
නගර්නෝ-කරබාක් ප්‍රදේශයේ ආර්මේනියානු ජනවාර්ගිකයන් විසින් ස්වයං ප්‍රකාශ කරන ලද ආර්ත්සාක් ජනරජය විසුරුවා හැරෙන බව එහි ප්‍රධානියා නිවේදනය කළා.
ඒ අනුව එළඹෙන ජනවාරි 1 වනදා වනවිට එහි කටයුතු සම්පූර්ණයෙන් අවසන් වනු ඇති.
පසුගිය සැප්තැම්බර් 19 වනදා අසර්බයිජානය විසින් එල්ල කළ මිලිටරි ප්‍රහාරයෙන් අනතුරුව එළඹි සටන් විරාම ගිවිසුම අනුව ආර්මේනියානුවන් අවි බිම තැබීමට එකඟ වූ අතර මේ නිවේදනය නිකුත් වන්නේ ඉන් සතියකට පසුවයි.
මේ වනවිට ද නගර්නෝ-කරබාක් හි ජනගහනයෙන් අඩක් පමණ ආර්මේනියාව වෙත පළාගොස් තිබෙනවා.
අසර්බයිජානය පවසන්නේ ආර්මේනියානු ජනවාර්ගිකයන්ට දිගටම නගර්නෝ-කරබාක් හි රැඳී සිටිය හැකි බවයි. ඔවුන්ගේ අයිතීන් සුරකින බව අසර්බයිජානය පවසනවා. එහෙත් ආර්මේනියානුවන් එම ප්‍රතිඥා විශ්වාස කරන්නේ නැහැ.
මේ අතර ආර්ත්සාක් හි අමාත්‍යවරයකු ව සිටි අයකු අසර්බයිජානය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අසර්බයිජානය පවසා සිටින්නේ ආර්මේනියානුවන්ගේ ඝාතනවලට වගකිව යුතු වූ නගර්නෝ-කරබාක් ආණ්ඩුවේ සිටි පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
2025 ජනවාරි 06, ප.ව. 12:53
2025 ජනවාරි 06, පෙ.ව. 5:53
2025 ජනවාරි 02, ප.ව. 2:25
2024 දෙසැම්බර් 29, පෙ.ව. 9:53
2024 දෙසැම්බර් 27, පෙ.ව. 6:44