2023 සැප්‍තැම්‍බර් 28, ප.ව. 11:58
ඉන්දියාව සහ කැනඩාව අතර රාජ්‍යතාන්ත්‍රික ආරවුලට හේතු වී තිබෙන හර්දීප් සිං නිජ්ජර්ගේ ඝාතනයට අදාලව බරපතල හෙළිදරව්වක් නිජ්ජර්ගේ පුත්‍රයා බාල්රාජ් විසින් සිදුකර තිබෙනවා.
කැනේඩියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ සිය පියා නිරන්තරයෙන් කැනේඩියානු බුද්ධි නිලධාරීන් හමුවූ බවයි.
එමෙන්ම එම හමුවීම්වලට ඔහු ද සහභාගී වූයේ යයි නිජ්ජර්ගේ පුත්‍රයා කියා සිටිනවා.
තවද ජූනි 18 වනදා සිදුවූ සිය පියාගේ ඝාතනයට දිනකට දෙකකට පෙර ද එවන් හමුවීමක් සිදුවූ බවත් සිය පියාට නිවෙසට වී සිටින ලෙස එම හමුවේදී බුද්ධි නිලධාරීන් දැන්වූ බවත් බාල්රාජ් නිජ්ජර් පවසා සිටිනවා.
හර්දීප් සිං නිජ්ජර්ගේ ඝාතනයට ඉන්දියාව සම්බන්ධ යයි සැකයක් වන බව කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ නොබෝදා ප්‍රකාශ කළ අතර ඉන්දියාව එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24