hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 29, ප.ව. 11:54



ලිබියාවේ නැගෙනහිර ප්‍රදේශය පාලනය කරන ලිබියානු ජාතික හමුදාවේ ප්‍රධානී කලීෆා හෆ්තාර් රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් හමුවී තිබෙනවා.

ඊයේ මෙම හමුව සිදුවූ බව ක්‍රෙම්ලීනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝෆ් කියා සිටියා.

ලිබියාවේ සහ කලාපයේ පවතින තත්ත්වය පිළිබඳ ඔවුන් අතර සාකච්ඡා සිදුවූ බවයි පෙස්කෝෆ් වැඩිදුරටත් පැවසූයේ.

කලීෆා හෆ්තාර් නිල සංචාරයක් සඳහා අඟහරුවාදා දිනයේ රුසියාවට පැමිණියා. ඔහුගේ සංචාරය තුළ දී අන්තර්ජාතික ත්‍රස්තවාදයට එරෙහි සටන සහ දෙපාර්ශවයට වැදගත් වන අන් කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව රුසියාවේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති කර්නල් ජෙනරල් යුනුස්-බෙක් යෙව්කුරොෆ් පවසා තිබුණා.