hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2023 ඔක්‍තෝබර් 01, ප.ව. 7:32



ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ වැදගත් රැස්වීමක් අද රාත්‍රියේ පැවැත්වීමට නියමිත බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කළා.

මෙම රැස්වීමට අගමැති නරේන්ද්‍ර මෝදි ද සහභාගී වනු ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී එළඹෙන රාජස්ථාන් සහ චත්තිස්ඝර් ප්‍රාන්ත මැතිවරණ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වන ඉන්දීය මාධ්‍ය කියා සිටියා.

මෙම ප්‍රාන්තවල බලය මේ වනවිට ඇත්තේ කොන්ග්‍රස් පක්ෂය අත බැවින් ඒවායේ බලය බීජේපීය වෙත ලබාගැනීම සඳහා උපක්‍රම සාකච්ඡා කිරීමට පක්ෂ ප්‍රබලයින් මෙසේ රැස්වෙන බව වාර්තා වනවා. එහිදී විශේෂයෙන්ම රාජස්ථානයේ අභ්‍යන්තර පක්ෂ ආරවුල් පිළිබඳ ද සලකා බැලීමට ඉඩ තිබෙන අතර බොහෝ විට ඇතැම් ප්‍රාන්ත ආසන සඳහා ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයන් පිළිබඳ ද තීරණය කිරීමට ඉඩ තිබෙනවා.

මෙම ප්‍රාන්ත ඇතුළු ප්‍රාන්ත පහක මැතිවරණ මෙම වසර අගදී පැවැත්වීමට නියමිතයි.