hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2023 ඔක්‍තෝබර් 02, පෙ.ව. 10:18



ඉන්දියාවේ ISIS ප්‍රබලයකු ලෙස සැලකෙන ශාහ්නවාස් නමැත්තා පසුගියදා දිල්ලියේ විශේෂ​ පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලදැයි වාර්තා වනවා.

ඉන්දියාවේ අත්‍යවශ්‍යම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ සිටි මොහු සොයා දෙන්නෙකුට ඉන්දියානු රුපියල් ලක්ෂ තුනක ත්‍යාගයක් ලබාදෙන බව ද නිවේදනය කර තිබුණා.

ශාහ්නවාස් සමග තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නා ලද බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ.

වෘත්තියෙන් ඉංජිනේරුවකු වන මොහු පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥයකු බව කියැවෙනවා. තවද ISIS සංවිධානයත්, ඉන්දීය ඉස්ලාමීය ශිෂ්‍ය ව්‍යාපාරයත්, ඉන්දීය මුජහිදීන් සංවිධානයත් යන ත්‍රස්ත සංවිධාන ඒකාබද්ධ ධජයක් යටතට ගෙන ඒමට උත්සාහ කළ ප්‍රමුඛයකු ලෙස ඔහුව සලකනු ලබනවා.