2023 ඔක්‍තෝබර් 05, පෙ.ව. 8:25
උතුරුදිග ඉන්දියාවේ සිකිම් ප්‍රාන්තයේ ඊයේ ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයෙන් දස දෙනකු මියගොස් 80 දෙනෙක් අතුරුදහන්ව සිටින බව එරට මාධ්‍ය වාර්තා කළා. අතුරුදහන් වූවන් අතරින් 22 දෙනකු හමුදා සාමාජිකයන් බවයි සඳහන් වුණේ.
ඊයේ අතුරුදහන් වූ එක් හමුදා සාමාජිකයකු පසුව බේරාගත් බව ද වාර්තා වුණා.
මේ අතර සිකිම් වෙත පැමිණි සංචාරකයන් 3,000 ක් පමණ ප්‍රාන්තයේ විවිධ ස්ථානවල සිරවී සිටින බව ද සඳහන්.
ප්‍රාන්තයේ පාලම් 14 ක් කැඩීගොස් ඇති අතර ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශ සහ සිකිම් අතර මාර්ග සම්බන්ධතාව සලසන අංක 10 ජාතික අධිවේග මාර්ගයේ ද කොටසක් හානි වී ඇතැයි වාර්තා වුණා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24