hit counter

2025 අගෝස්‍තු මස 05 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 10, ප.ව. 4:04



ගාසා තීරය අසළ ප්‍රදේශයන් වෙතින් සිය වැසියන් සම්පූර්ණයෙන් ඉවත් කර අවසන් බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසනවා.

ඇතැම් වැසියන් නිවෙස් අතැර යාමට කැමැත්තක් නොදැක්වූ හෙයින් ඔවුන් තවමත් රැඳී සිටින නමුත් පොදුවේ සියළු දෙනා ඉවත් කරන ලද බවයි ඔවුන් සඳහන් කළේ.

මෙම පියවර ගන්නා ලද්දේ ගාසා තීරය අසළ විශාල ඊශ්‍රායල හමුදාවක් ඒකරාශී කරන පසුබිමකයි. තවද ඊශ්‍රායල ගුවන් ප්‍රහාර ද දිගටම ගාසා වෙත එල්ල වෙමින් තිබෙනවා.

ඔක්තෝබර් 7 වනදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය වෙත එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව ගාසා තීරය විනාශ කරන බව ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබුණා. ඔවුන් ගාසා තීරය නැවත මුළුමනින්ම අල්ලාගන්නට සැරසෙන බව අනුමාන කෙරෙනවා.