2023 ඔක්‍තෝබර් 11, ප.ව. 3:02
ලෙබනනයෙහි ඉලක්ක වෙත අදත් ප්‍රහාර එල්ල කළේ යයි ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසනවා. ඔවුන් කියා සිටියේ තමන් දෙසට යුධ තැංකි නාශක තුවක්කුවකින් එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.
හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ඇතිව තිබෙන ගැටුම්වලදී හිස්බුල්ලා සංවිධානය සිය සහය හමාස් සංවිධානය වෙත පළ කර තිබෙනවා. ගාසා තීරය වෙත ඊශ්‍රායල හමුදා ඇතුල් වුවහොත් තමන් ඊශ්‍රායල ඉලක්ක වෙත පහර දෙන බවට ද ඔවුන් විසින් අනතුරු අඟවා තිබෙනවා.
මේ අතර ගාසා තීරය අවට ඒකරාශී වූ ඊශ්‍රායල හමුදා ශක්තිය 300,000 ක් වන බව ඊශ්‍රායල හමුදා පවසනවා. රජය විසින් ආරක්ෂක හමුදා වෙත ලබාදුන් අවසාන ඉලක්කය වන්නේ හමාස් සංවිධානයෙහි මිලිටරි ශක්තිය ඊශ්‍රායල වැසියන්ට හානි කළ නොහැකි තරමට විනාශ කිරීම බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශක යොනතන් කොන් රිකස් පැවසුවා.
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24