hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2023 ඔක්‍තෝබර් 11, ප.ව. 11:34



උතුරු ඊශ්‍රායලයට ඉහළ අහසේ ඩ්‍රෝන සහ පැරාග්ලයිඩර නිරීක්ෂණය වූ බව සඳහන් වූ නමුත් එවැන්නක් සිදුව නැතැයි ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසනවා.

ගුවනින් කිසියම් ප්‍රහාරයක් එල්ල වන බවට ලද තොරතුරක් අනුව අනතුරු ඇඟවීමේ සයිරන් නාද කෙරුණ අතර ජනතාවට අත්‍යවශ්‍ය දේ රැගෙන ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙස ද ප්‍රකාශ කෙරුණා.

කෙසේ වෙතත් ඩ්‍රෝන නිරීක්ෂණය වූයේ යයි ලද දැනුම්දීම වරදක් බවයි ආරක්ෂක අංශ පවසා තිබුණේ.

මේ අතර යෙරුසලම් පෝස්ට් පුවත්පත පැවසූයේ මෙසේ වැරදි අනතුරු ඇඟවීමක් සිදුවූයේ කුමක් නිසාදැයි මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.