2023 ඔක්‍තෝබර් 14, ප.ව. 11:05
ජැක්සන් ඇන්තනි මහතාට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී කෘතිම ස්වසනය ලබා දුන්නෙත් පවුලේ උදවිය විසින් ලබාදුන් වෙන්ටිලේටර යන්ත‍්‍රයකින් බවට සිදු කරන ලද ප‍්‍රකාශය ගොං කතාවක් බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරනවා.
ඒ මහතා මෙම අදහස් පළ කර ඇත්තේ ගුවන් විදුලිය සාකච්ඡාවකට එක්වෙමින්.
ඔහු පෙන්වා දෙන්නේ වෙන්ටිලේටරයක් යනු දැඩි සත්කාර ඒකක ඇදක එක කොටසක් පමණක් බවයි.
දැඩි සත්කාර ඒකක ඇදක් සඳහා තවත් විශේෂ යන්ත්‍ර ගණනාවක් අවශ්‍ය බවත් ඊට අමතරව පැය 24 ක් තිස්සේ ආවරණය වන විවිධ විෂයයන්ට අදාළ වෛද්‍යවරු මෙන්ම හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයක්ද අවශ්‍ය බවත් ඔහු පැවසුවා.
ඇන්තතී මහතාගේ පවුලේ අය විසින් අදාළ වෙන්ටිලේටර යන්ත්‍රය ලබා දුන්නේ ජාතික රෝහලේ යන්ත්‍ර මගින් දින 300ට වැඩි ප්‍රමාණයක් ඔහුගේ ජීවිතය පවත්වා ගෙන ගියාට පසුව බවද හෙතෙම කියා සිටියා.
2026 ජනවාරි 24, පෙ.ව. 12:17
2026 ජනවාරි 24, පෙ.ව. 12:02
2026 ජනවාරි 23, ප.ව. 6:24
2026 ජනවාරි 23, පෙ.ව. 12:18
2026 ජනවාරි 23, පෙ.ව. 12:08
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26