hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 16, ප.ව. 8:56



ඊශ්‍රායලයට සහය පළකරනු පිණිස එරටට සංචාරය කිරීම සඳහා යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි කළ ඉල්ලීම ඊශ්‍රායලය විසින් ප්‍රතික්ෂේප කළ බව එරට වෙබ් අඩවිය අද වාර්තා කළා.

පසුගියදා යුරෝපීය සංචාරයක නිරත වූ සෙලෙන්ස්කි ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සමග ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ෂා කළ ද මෙය ඒ සඳහා සුදුසු අවස්ථාව නොවන බව ඊශ්‍රායලය ඔහුට දන්වා තිබෙනවා.

ඒ අනුව පසු අවස්ථාවකදී ඊශ්‍රායලය වෙත සංචාරය කරන මෙන් එරට සෙලෙන්ස්කි වෙත දන්වා ඇති බවයි වාර්තා වන්නේ.