hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 17, පෙ.ව. 6:44



ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකාරියකගේ වීඩියෝවක් හමාස් සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා. මියා ශෙම් නමැති 21 හැවිරිදි කාන්තාවක වන ඇය පවසන්නේ තමන්ට හමාස් සංවිධානය විසින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන බවයි.

මේ අතර පවතින තත්ත්වය සුබදායක වන්නේ නම් තමන් සතුව සිටින විදේශීය ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට සූදානම් බව හමාස් සංවිධානය පවසනවා.

ඊශ්‍රායල හමුදාව සඳහන් කළේ හමාස් සංවිධානය භාරයෙහි ප්‍රාණ ඇපකරුවන් 199 දෙනකු සිටින බවයි.