2023 ඔක්‍තෝබර් 17, පෙ.ව. 6:51
සිය සතුරන්ට එරෙහිව පූර්ණ ජයග්‍රහණය ලබාගන්නා තුරු දීර්ඝ යුද්ධයක නියැලීමට ඊශ්‍රායල හමුදාව සූදානම් බව අගමැති බෙන්ජමින් නෙතන් යාහු ඊයේ සඳහන් කළා.
ඊශ්‍රායලය සිය පැවැත්ම උදෙසා සටන් වදින බවත්, තමන් විනාශ කිරීමට උත්සාහ කරන කණ්ඩායම් පරාජය කිරීම සඳහා තමන්ට හැකියාව ඇති බවත් ඔහු කියා සිටියා. හමාස් සංවිධානය විසින් එල්ල කරන තර්ජනය මුළුමනින් ම පරාජය කිරීම සිය අපේක්ෂාව බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එමෙන්ම හිස්බුල්ලා සංවිධානය මෙම ගැටුමට මැදිවන්නේ නම් ඔවුන්ට එරෙහිව ද ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව නෙතන්යාහු අනතුරු ඇඟවූවා.
හමාස් සංවිධානය සංවිධානයට සමාන බවත් එය නව ආකාරයක නට්සිවාදී සංවිධානයක් බවත් නෙතන්යාහු අවධාරණය කළා.
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24