hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 19, ප.ව. 2:15



වට්සැප් සමාජ මාධ්‍ය වේදිකාව හරහා නුදුරේදී ම නව අත්දැකීමක් ලබා දෙන බව මෙටා ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පවසනවා.

ඒ අනුව ඔබගේ ජංගම දුරකතනයේ ඇති වට්සැප් මෘදුකාංගයට ගිණුම් දෙකක් හරහා ලොග් වීමේ පහසුකම සලසා දෙන බවයි ඔහු පවසන්නේ.

සිය නිල ෆේස්බුක් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර සිටින්නේ, එක දුරකතනයක් හරහා මෙම අත්දැකීම සිය පාරිභෝගිකයන්ට ලබා ගැනීමට අවකාශය සලසා දීමට සිය සමාගම කටයුතු කරන බවයි.

නමුත් එම අත්දැකීම මිලියන සංඛ්‍යාත වට්ස්ඇප් පරිශීලකයන්ට ලැබෙන දිනය සම්බන්ධයෙන් මෙටා සමාගම හෝ එහි ප්‍රධානියා කිසිදු දැනුම් දීමක් කර නැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: