2023 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:21
ඊශ්‍රායලයට එරෙහිව හමාස් සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාරය පිටුපස රුසියාව සිටි බවක් නොපෙනෙන බව ඉතාලි ආරක්ෂක ඇමති ගුයිඩෝ ක්‍රොසෙට්ටෝ පවසා තිබෙනවා.
එරට පුවත්පතක් හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් පවතින තත්ත්වයෙන් තමන්ට ඇති වාසි කුමක්දැයි විමසිල්ලෙන් සිටින බවයි.
හමාස් සංවිධානය අවුළුවාලීමේදී වෙනත් රටවල් යම් යම් කාර්යයක් කළ ද රුසියාව ඊට සම්බන්ධ නොවූ බවයි ක්‍රොසෙට්ටෝ පවසන්නේ.
එමෙන්ම හමාස් සංවිධානය පරාජය කිරීම යනු සමස්ථ ගාසා වැසියන් වෙතම ප්‍රහාර එල්ල කිරීම නොවන බව ද ඔහු පෙන්වා දුන්නා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24