hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 23, ප.ව. 7:30



හමාස් සංවිධානය තමන් භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් සියල්ල නිදහස් කර කොන්දේසි විරහිතව යටත් වන්නේ නම් ගාසා තීරයට ගොඩබිම් ආක්‍රමණයක් සිදු නොකරන බව ඊශ්‍රායලය පවසනවා.

සඳුදා උදෑසන ඔස්ට්‍රේලියාවේ මාධ්‍ය ආයතනය සමග කළ සාකච්ඡාවකදී ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයකු වන යොනතන් කොන්රිකස් සඳහන් කළේ තමන් හමාස් සංවිධානය මුලිනුපුටා දමන බවයි.

කෙසේ වෙතත් ගොඩබිම් මෙහෙයුම් ප්‍රමාද වන්නේ කිනම් කරුණු මතදැයි විමසන ලද විට ඔහු එම ප්‍රශ්නයට ඍජු පිළිතුරක් ලබාදුන්නේ නැහැ.

තම හමුදා අනවශ්‍ය ලෙස අනතුරේ නොදමනුවස් ගුවන් ප්‍රහාර මත රඳා පවතින නමුත් එමගින් හමාස් සංවිධානය මුළුමනින් විනාශ කළ නොහැකි වේ යයි ද කොන්රිකස් කියා සිටියා.

මේ අතර ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොආව් ගලාන්ට් ඉරිදා සඳහන් කර තිබුණේ ගොඩබිම් මෙහෙයුම් මාස තුනක්වත් කෙරෙනු ඇති බවයි.