hit counter

2024 මැයි මස 10 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 24, පෙ.ව. 11:23



2024 වසරට අදාළ අයවැය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය විසින් සියලුම ඇම‍තිවරුන්ට සහ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රිවරුන්ට ලිපියක් මගින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ, විවාදය පවත්වන කාලසීමාව තුළදී පෞද්ගලික රාජකාරි සහ විදේශ සංචාර යොදා නොගන්නා ලෙස දැනුම් දෙමින්.

අයවැය විවාදය පැවැත්වෙන කාලසීමාවේදී ඇමතිවරුන් සහ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව තුළ රැඳී සිටීම අත්‍යවශ්‍ය වන අතර හැකි සෑම අවස්ථාවකදීම සභා ගර්භයේ රැඳී සිටිය යුතු බවයි එම ලිපිය මගින් දැනුම් දී ඇත්තේ.

එමෙන්ම අයවැය දෙවැනි සහ තෙවැනි වර කියවීම පිළිබඳ ඡන්ද විමසීමේදී ද අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුව තුළ රැඳී සිට විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය දීම අත්‍යවශ්‍ය වන බවද එම ලිපියේ සඳහන්.

අයවැය කාලසටහන අනුව නොවැම්බර් 13 වැනිදා මධ්‍යහ්න 12.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: