2023 ඔක්තෝබර් 31, පෙ.ව. 6:03
ගාසා තීරයට ඇතුල් වූ ඊශ්‍රායල හමුදා ප්‍රාණ ඇපකාරියක ලෙස රැගෙනගොස් සිටි ඊශ්‍රායල සෙබළියක මුදාගත් බව ඊයේ රාත්‍රියේ නිවේදනය කළා.
ඊශ්‍රායල ආරක්ෂක හමුදා සහ ශින් බෙට් බුද්ධි සේවය විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක සඳහන් වූයේ ඊශ්‍රායල සෙබළ ඔරී මෙගිඩිෂ් යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවූ බව සහ ඇය ඇගේ පවුල සමග යළි එක්වූ බවයි.
එමෙන්ම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමට තමන්ට වගකීමක් ඇති බවත් තමන් එය සිදුකරන බවත් ආරක්ෂක හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි සඳහන් කර තිබුණා.
මෙගිඩිෂ් ගලවාගෙන තිබුණේ කලින් දා රාත්‍රියේ කළ ගොඩබිම් ප්‍රහාරයකින් බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා සහ ශින් බෙට් ආයතනය ඊයේ නිකුත් කළ නිවේදනයෙන් පවසා සිටියා. කෙසේ වෙතත් එම මෙහෙයුම පිළිබඳ වෙනත් තොරතුරු අනාවරණය කරනු ලැබ තිබුණේ නැහැ. ඔක්තෝබර් 7 වනදා මෙගිඩිෂ් සමග ඇගේ ඒකකයේ තවත් අය හමාස් සාමාජිකයන් විසින් රැගෙන ගොස් තිබුණ ද මෙගිඩිෂ් තනිව රඳවාගෙන සිටි බවයි වාර්තා වන්නේ.
ඇයව ගලවාගැනීමට උත්සාහ කිරීමේදී හමාස් ත්රස්තවාදීන් ප්‍රබල ප්‍රතිප්‍රහාරයක් එල්ල කළ නමුත් ඊශ්‍රායල හමුදාවන්ට හානි සිදු නොවූ බව ඊශ්‍රායල හමුදා සහ ශින් බෙට් ආයතනය කියා සිටිනවා.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16