hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2023 ඔක්‍තෝබර් 31, පෙ.ව. 7:27



ඊශ්‍රායල හමුදා ගාසා නගරයෙහි උතුරුදිග මායිම වෙත ළඟා වූ බව ගාසා යුධ පෙරමුණෙන් වාර්තා වනවා.

ඊශ්‍රායල හමුදා පවසන්නේ තම ප්‍රහාර හමුවේ හමාස් ත්‍රස්තවාදීන්ට දැඩි හානි සිදුවූ බවයි.

මේ අතර හමාස් සංවිධානය ද ඊශ්‍රායල හමුදා සමග දරුණු ගැටුම් හටගත් බව කියා සිටිනවා. ඔවුන් ද පවසා සිටින්නේ ඊශ්‍රායල හමුදා වෙත තමන් ද දැඩි හානි සිදුකළ බවයි.

මේ අතර යුධ ටැංකි අනතුරකින් ඊශ්‍රායල සෙබළකු මියගොස් තවත් තිදෙනෙක් තුවාල ලැබූ බව ද ඊයේ වාර්තා වුණා.